Thursday, June 2, 2011

දඩ මුදල් ගෙවීමේ පහසුකම්...


දිනක් මම පාසලකට ගොස් නුවරඑලියට යනකොට ගම්පොලදි එක පාරටම පාර මදට පැන්න දෙන්නෙක්.කවුද මේ?ගම්පොල පොලීසියේ රථ වාහන අංශයේ රාළහාමි ලා දෙන්නෙක්.මෙයා ල හරිම සාධාරණ අය.මගෙනුත් වැරැද්දක් උන නිසානෙ නැවැත්තුවෙ.මොකක්ද වැරැද්ද?ඉර කපපු එක. එකිව්වෙ වාහනය වමෙන් ධාවනය නොකිරීම. මාර කේස් එක.උසාවි දාන්නමයි හදන්නෙ.ඉතින් එහෙම කරොත් මාර කට්ටනෙ.දවස් නිවාඩු දාගෙන ලොවෙත් නැති චාටර් එකක් කන්ට වෙන්නෙ.මගෙ ලයිසන් එකේ ඇඩ්ඩ්‍රස් එක තියෙන්නෙ බණ්ඩරවෙලට.ඉතින් මගේ පුන්චි මොළෙන් හිතල මන් කිව්ව, අනේ මහත්තයො එහෙම කරන්ට එපා,මන් ඉන්නෙ බණ්ඩාරවෙල කියල.ඉතින් මෙ අය හරිම කරුණාවන්ත අය.මෙ ගොල්ලො හිතුව මාව වස්තියාඩු කරවන්න හොඳ නෑ කියල.ඉතින් එක්කෙනෙක් කිව්ව හරි එහෙනම් සල්ලි දෙන්න අපි දඩය ගෙවන්නම් කියල.මටත් මොකද ඉතින් මගෙ අතේ ඒ වෙලාවෙ තිබුනෙ රුපියල් අටසීයමයි.ඉතින් ඒකෙන් පන්සිය පනහක් දීල එන්න හදනකොටම අනෙක් රාළහාමි කිව්ව "ඔන්න මට නං බෑ කඩේ යන්ට" කියල.මං ඉතින් මගේ ඉතුරු රුපියල් තුන්සීයත් දීල කිව්ව මෙහෙම."එහෙනං මේ තුන්සීය පෙට්ට්‍රල් කුලී කියල තියා ගන්ට" කියල මන් ආව.බලන්න අපේ රටේ පොලිස් සේවයකොච්චර කාර්යක්ෂමද?දඩට නියම කරපු රාලාහාමිලාටම එම මොහොතේම දඩ මුදල් ගෙවා යා හැකි වීම වැනි පහසුකම් සැලැස්වීම නිසා අප රටේ රියදුරන් කෙතරම් වාසනාවන්තද?

Tuesday, May 31, 2011

මනසින් දකින මිනිසා...


දවසක් මම රාගම ස්ටේෂන් එකේ හිටිය නුවර යන්න කෝච්චිය එනකන්.මම ඉතින් හිටගෙන ඉන්න කොට ඒ ලඟ තිබුන ටෙලෙෆෝන් බොක්ස් එක ගාවට අව අන්ධ මනුස්සයෙක්.මෙයා අර බොක්ස් එක ලඟට ගිහින් ඉස්සෙල්ලම දැම්ම පහේ කාසියක්.හරි වැඩේ ඒක හිර උනා.මෙයා දන් නෑ ඒක.තවත් කාසියක් දැම්ම.අනේ ඒකත් හිර උනා.පස්සෙ බලකොට ඒ ෆෝන් එක වැඩ කරන එකක් නෙවෙයි.මෙයා මොකද කරේ?කාසි එලියට එන බොත්තම එබුව.හරි ගියේ නෑ.පස්සෙ අතේ තිබුන ඔරලෝසුව ගලවලා ඒකෙ පටියෙන් කාසි කට අතුලට දාල කොහොම හරි අර කාසි දෙකම ගත්ත.
අපි එහෙමනම් ඕක අත ඇරල දාල යනවනෙ.පස්සෙ මේ මනුස්සය ඊට එහා පැත්තෙ ෆෝන් එකට දාල නොම්මරේ ගැහුව.දෙපාරක් විතරම වැරදුනා.පස්සෙ අන්තිමට එයා කෝල් එක අරගෙන පණිවිඩේ කිව්ව.
දැක්ක නේද මේ මනුස්සය කිසි කෙනෙක්කුගෙන් උදව්වක් නැතුව තමන්ට අවශ්‍ය දේ කර ගත්ත හැටි???

අන් අය වෙනුවෙන් කතා කරමුද???

මේ සිද්ධිය උනේ මම වැඩට යන්න බස් එකට නගින්න ඉන්නකොට.සඳුද දවසෙ උදේ පාන්දරම නුවර ගුඩ්ෂෙඩ් එකේ කොළඹ බස් පෝලිම ගැන කාටවත් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.බස් තුනක් විතර යනකන් පෝලිමේ ඉන්න වෙනව.මමත් ඉතින් පෝලිමේ ඔහොම ගිහින් ඉස්සරහම නැවතුනා ඊලඟ බස් එකේ යන්න.ඒ ස් එක ආවම මම තමයි ඉස්සෙල්ලම නගින්නෙ.ඔන තරම් එතකොට ෂීට් තියෙනව.ඉතින් මම නගින්න හදනකොට පෝලිමේ එලියෙන් හිටපු කෙනෙක් පැනගෙන නගින්න හැදුව.මම කිව්ව ඔයා කොහෙන්ද මේ නගින්නෙ කියල පොඩ්ඩක් බහින් බස් වීමක් වෙලා බස් එකට නැග්ග.
පොලිමේ අය කිසි සද්දයක් නෑ.මං ඉතින් කතා කරේ ඒ අය වෙනුවෙන්.ඒත් එ අයට කිසි ගානක් නෑ.මෙහෙම දෙවලුත් වෙනව නේද?