දිනක් මම පාසලකට ගොස් නුවරඑලියට යනකොට ගම්පොලදි එක පාරටම පාර මදට පැන්න දෙන්නෙක්.කවුද මේ?ගම්පොල පොලීසියේ රථ වාහන අංශයේ රාළහාමි ලා දෙන්නෙක්.මෙයා ල හරිම සාධාරණ අය.මගෙනුත් වැරැද්දක් උන නිසානෙ නැවැත්තුවෙ.මොකක්ද වැරැද්ද?ඉර කපපු එක. එකිව්වෙ වාහනය වමෙන් ධාවනය නොකිරීම. මාර කේස් එක.උසාවි දාන්නමයි හදන්නෙ.ඉතින් එහෙම කරොත් මාර කට්ටනෙ.දවස් නිවාඩු දාගෙන ලොවෙත් නැති චාටර් එකක් කන්ට වෙන්නෙ.මගෙ ලයිසන් එකේ ඇඩ්ඩ්‍රස් එක තියෙන්නෙ බණ්ඩරවෙලට.ඉතින් මගේ පුන්චි මොළෙන් හිතල මන් කිව්ව, අනේ මහත්තයො එහෙම කරන්ට එපා,මන් ඉන්නෙ බණ්ඩාරවෙල කියල.ඉතින් මෙ අය හරිම කරුණාවන්ත අය.මෙ ගොල්ලො හිතුව මාව වස්තියාඩු කරවන්න හොඳ නෑ කියල.ඉතින් එක්කෙනෙක් කිව්ව හරි එහෙනම් සල්ලි දෙන්න අපි දඩය ගෙවන්නම් කියල.මටත් මොකද ඉතින් මගෙ අතේ ඒ වෙලාවෙ තිබුනෙ රුපියල් අටසීයමයි.ඉතින් ඒකෙන් පන්සිය පනහක් දීල එන්න හදනකොටම අනෙක් රාළහාමි කිව්ව "ඔන්න මට නං බෑ කඩේ යන්ට" කියල.මං ඉතින් මගේ ඉතුරු රුපියල් තුන්සීයත් දීල කිව්ව මෙහෙම."එහෙනං මේ තුන්සීය පෙට්ට්‍රල් කුලී කියල තියා ගන්ට" කියල මන් ආව.බලන්න අපේ රටේ පොලිස් සේවයකොච්චර කාර්යක්ෂමද?දඩට නියම කරපු රාලාහාමිලාටම එම මොහොතේම දඩ මුදල් ගෙවා යා හැකි වීම වැනි පහසුකම් සැලැස්වීම නිසා අප රටේ රියදුරන් කෙතරම් වාසනාවන්තද?
මේක මගේ පළවෙනි බ්ලොග් එක.මං මේකෙන් කාටවත් දොස් කියන්නෙවත් බනින්නෙවත් නෑ.තව අය දැනගන්න ඕනි කියල මට හිතෙන එදිනෙදා දකින දේවල් ගැන තමයි මේකෙ තියෙන්නෙ.ඉතින් ඔයාල මේක බලල ඔයාලට හිතෙන දේවල් ගැන පොඩි කමෙන්ට් එකක් දාන්න.
Thursday, June 2, 2011
දඩ මුදල් ගෙවීමේ පහසුකම්...
දිනක් මම පාසලකට ගොස් නුවරඑලියට යනකොට ගම්පොලදි එක පාරටම පාර මදට පැන්න දෙන්නෙක්.කවුද මේ?ගම්පොල පොලීසියේ රථ වාහන අංශයේ රාළහාමි ලා දෙන්නෙක්.මෙයා ල හරිම සාධාරණ අය.මගෙනුත් වැරැද්දක් උන නිසානෙ නැවැත්තුවෙ.මොකක්ද වැරැද්ද?ඉර කපපු එක. එකිව්වෙ වාහනය වමෙන් ධාවනය නොකිරීම. මාර කේස් එක.උසාවි දාන්නමයි හදන්නෙ.ඉතින් එහෙම කරොත් මාර කට්ටනෙ.දවස් නිවාඩු දාගෙන ලොවෙත් නැති චාටර් එකක් කන්ට වෙන්නෙ.මගෙ ලයිසන් එකේ ඇඩ්ඩ්‍රස් එක තියෙන්නෙ බණ්ඩරවෙලට.ඉතින් මගේ පුන්චි මොළෙන් හිතල මන් කිව්ව, අනේ මහත්තයො එහෙම කරන්ට එපා,මන් ඉන්නෙ බණ්ඩාරවෙල කියල.ඉතින් මෙ අය හරිම කරුණාවන්ත අය.මෙ ගොල්ලො හිතුව මාව වස්තියාඩු කරවන්න හොඳ නෑ කියල.ඉතින් එක්කෙනෙක් කිව්ව හරි එහෙනම් සල්ලි දෙන්න අපි දඩය ගෙවන්නම් කියල.මටත් මොකද ඉතින් මගෙ අතේ ඒ වෙලාවෙ තිබුනෙ රුපියල් අටසීයමයි.ඉතින් ඒකෙන් පන්සිය පනහක් දීල එන්න හදනකොටම අනෙක් රාළහාමි කිව්ව "ඔන්න මට නං බෑ කඩේ යන්ට" කියල.මං ඉතින් මගේ ඉතුරු රුපියල් තුන්සීයත් දීල කිව්ව මෙහෙම."එහෙනං මේ තුන්සීය පෙට්ට්‍රල් කුලී කියල තියා ගන්ට" කියල මන් ආව.බලන්න අපේ රටේ පොලිස් සේවයකොච්චර කාර්යක්ෂමද?දඩට නියම කරපු රාලාහාමිලාටම එම මොහොතේම දඩ මුදල් ගෙවා යා හැකි වීම වැනි පහසුකම් සැලැස්වීම නිසා අප රටේ රියදුරන් කෙතරම් වාසනාවන්තද?
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment