දවසක් මම රාගම ස්ටේෂන් එකේ හිටිය නුවර යන්න කෝච්චිය එනකන්.මම ඉතින් හිටගෙන ඉන්න කොට ඒ ලඟ තිබුන ටෙලෙෆෝන් බොක්ස් එක ගාවට අව අන්ධ මනුස්සයෙක්.මෙයා අර බොක්ස් එක ලඟට ගිහින් ඉස්සෙල්ලම දැම්ම පහේ කාසියක්.හරි වැඩේ ඒක හිර උනා.මෙයා දන් නෑ ඒක.තවත් කාසියක් දැම්ම.අනේ ඒකත් හිර උනා.පස්සෙ බලකොට ඒ ෆෝන් එක වැඩ කරන එකක් නෙවෙයි.මෙයා මොකද කරේ?කාසි එලියට එන බොත්තම එබුව.හරි ගියේ නෑ.පස්සෙ අතේ තිබුන ඔරලෝසුව ගලවලා ඒකෙ පටියෙන් කාසි කට අතුලට දාල කොහොම හරි අර කාසි දෙකම ගත්ත.
අපි එහෙමනම් ඕක අත ඇරල දාල යනවනෙ.පස්සෙ මේ මනුස්සය ඊට එහා පැත්තෙ ෆෝන් එකට දාල නොම්මරේ ගැහුව.දෙපාරක් විතරම වැරදුනා.පස්සෙ අන්තිමට එයා කෝල් එක අරගෙන පණිවිඩේ කිව්ව.
දැක්ක නේද මේ මනුස්සය කිසි කෙනෙක්කුගෙන් උදව්වක් නැතුව තමන්ට අවශ්‍ය දේ කර ගත්ත හැටි???
